ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් මෙරට සෞඛ්‍ය අංශයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කරයි..
Posted 1,June

By Uditha Navaratne

In Local News

Listen to the Article

No Audio File Selected/Uploaded

 231 views

අඟහරුවාදා පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී රටේ සෞඛ්‍ය අංශයට සහාය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක (රුපියල් මිලියන 718) පරිත්‍යාගයක් අනුමත කරන ලදී.

ඒ අනුව ළමුන් සඳහා ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා “රිජ්වේ ආර්යා ළමා රෝහල” වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කෙරේ.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පහසු කිරීම සඳහා “මහරගම ජාතික අපේක්ශා රෝහල” වෙත තවත් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කෙරේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එම ආධාර කඩිනම් අවශ්‍යතාවය සලකා බලා එම මුදල් කඩිනමින් වෙන් කිරීමට පහසුකම් සපයනු ඇත.

“රටට අවශ්‍ය මේ මොහොතේ මෙම පරිත්‍යාගය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින් සතුටට පත්වන අතර, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් ජය ගැනීම සඳහා අපගේ ජාතියට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු,” ශ්‍රි ලංකා ක්‍රිකට් හි ගරු සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අපගේ ක්‍රීඩකයින්ට සහය දක්වන අපගේ ජනතාවට සෑම විටම කොන්දේසි විරහිතව උපකාර කිරීමට ඉදිරිපත් වීම ප්‍රසිද්ධ ක්‍රීඩා සන්නාමයක් ලෙස අපගේ වගකීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.