රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන අතරතුර ක්‍රිප්ටෝ මිල දැඩි උච්චාවචනයට ලක් වේ.
Posted 2,March

By Uditha Navaratne

In International News

Listen to the Article

No Audio File Selected/Uploaded

 1,643 views

මිලිටරි මෙහෙයුමක් ලෙස රුසියාව යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කිරීමත් සමඟ බිට්කොයින් (Bit coin) සහ අනෙකුත් ක්‍රිප්ටෝ මුදල්වල කීර්තිය ලෙස පැවති ‘ඩිජිටල් රන්’ නාමය මේ වන විට ආයෝජකයින්ට ආරක්ෂිත තෝතැන්නක් ලෙස අතිශය තර්ජනයට ලක්ව ඇත.

Bitcoin 7.9% කින් පමණ වෙළඳාම පහත වැටී ඇති අතර මාසයේ අඩුම මිල ඇමරිකානු ඩොලර් 34703.18 ක් දක්වා පහත වැටි ඇත.

Ethereum, BNB, Solana, Cardano සහ XRP ඇතුළු අනෙකුත් ඉහළම crypto මුදල් වර්ග ද දැඩි අර්බුධයකට ලක්ව ඇති අතර, මේ වන විටත් ඒකාබද්ධ crypto වෙළඳපොලෙන් ඩොලර් බිලියන 500ක් පමණ ඉවත් කර ඇත.

ඒ අතරම, ලෝක වෙලදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගිය අතර එය වසර 7කට වැඩි කාලයක් තුළ ජාත්‍යන්තර බ්‍රෙන්ට් බොරතෙල් මිණුම් ඒකක විසින් පෙන්නුම් කල ඉහළම අගයයි. ආක්‍රමණයත් සමඟ රත්‍රන් වල වටිනාකම ද වැඩි විය.

කෙසේ වෙතත්, ක්‍රිප්ටෝ මිල ගණන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට සමත් වූ අතර, එක දිනකට පසු එම පාඩු අවම කර දැමීමට හැකි විය.

Coin Metrics අනුව Bitcoin $ 38262.21 ක වෙළඳාම් කිරීමක් සඳහා මිල 1.7% කින් ඉහළ ගොස් ඇති අතර $ 2631.50 හි නව අගයක් වාර්තා කිරීම සඳහා Ethereum 0.2% කින් ඉහළ ගියේය.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමය ආක්‍රමණයෙන් පසුව රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන බැවින් මිල ගණන් ස්ථාවරව පැවතීමට වැඩි ඉඩ කඩක් ඇත.