237 views
ශ්රී ලංකා මහ බැංකුව (CBSL) මාර්තු 11 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි විදේශ මුදල් ගිණුම්වල පොලී අනුපාත සඳහා නියම කර තිබූ සීමාව අවලංගු කළේය. බලපත්රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට (NSB) විදේශ මුදල් ගිණුම් සඳහා වන පොලී අනුපාතවල 5% සීමාව අවලංගු කරන ලෙස උපදෙස් නිකුත් කරන ලදී.
ඒ අනුව සියලුම බලපත්රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලිය සම්බන්ධයෙන් නියම කර තිබූ උපරිම සීමාව ඉවත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
ශ්රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්රලේඛය නිකුත් කර ඇත