310 views
රට තුළ පවතින මුදල් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල තුනක් තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව 2022.03.31 සිට ක්‍රියාත්මක වන පරිදි ඉරාක ජනරජයේ බැග්ඩෑඩ්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට අපේක්ෂා කරන බව දන්වා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබේ.
රටේ විදේශ විනිමය සංචිත තුළ පවතින හිඟය හේතුවෙන් ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල 63 සඳහා මුදල් ගෙවීම සහ අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද අමාත්‍යවරයා අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් පෙන්වාදී තිබේ.
අදාළ දූත මණ්ඩල කාර්යාල 3 වසා දැමීම නිසා මතුවන අතිරේක කාර්යභාරය පිළිබඳ සලකා යෝජිත අභිනවයෙන් අක්ත ගන්වනු ලබන ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල සඳහා සුදුසු පරිදි නව සේවක තනතුරු ඇති කිරීමට සිදුවිය හැකි බවද එහි සඳහන් කර ඇත.
කෙසේ වෙතත් පාවෙන පාලන තන්ත්රයක් ස්ථාපිත වීමට යටත් වීමේ අවශ්‍යතාවය බාධාවක් බව විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.
ආර්ථික විද්‍යාඥ ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් විශ්ලේෂකයින් මුදල් මුද්‍රණය අවසන් කිරීමට සහ පාවෙන ක්‍රියාවට නැංවීම සඳහා ගාස්තු ඉහළ දැමිය යුතු යැයි ඉල්ලා ඇත.
පාවෙන එක අසාර්ථක උනොත් 203 ට ආපු ආර්ථික ප්‍රශ්න ඔක්කොම පහල මට්ටමින් ඇති වෙනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 275 දක්වා පහත වැටී ඇතත් විදේශ විනිමය හිඟය තවමත් පවතී. වැඩි මුදලක් මුද්‍රණය කර ඇති බව ද දත්ත පෙන්වා දෙයි.