166 views
2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පසුගිය වසර පහ තුළ එම මාසය සඳහා ඉහළම මට්ටමට ළඟා විය. මෙම කාර්ය සාධනය පසුගිය වසර දෙක තුළ කොවිඩ් වසංගතයේ බලපෑමෙන් ඇති වූ බාධක වලින් ආපසු පිබිදීමට මෙම කර්මාන්තය තුල පවතින ශක්තිය පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2022 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසංගතයට පෙර 2019 ජනවාරි මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 452 ට වඩා 8% කින් අභිබවා ගිය අතර 2021 ජනවාරි අපනයන ආදායමට වඩා වර්ධනය 23% කි.
කර්මාන්තයේ 2030 දැක්ම වන්නේ එම වසර වන විට ශ්‍රී ලංකාව ගෝලීය ඇඟලුම් මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමයි. අතරමැදි ඉලක්කයක් වන්නේ 2025 වන විට ඇඟලුම් වලින් වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 දක්වා වැඩි කිරීමයි.